Saturday 6 May 2017

පොත් කිව්වට පොත්මත් නෙවෙයි,Mr. Church (2016)

“පොතක් කියවන්න තියෙන්නේ පටන්ගැන්මෙ ඉඳං අවසානෙට…
ඒත් හොඳටම තේරුම්ගන්නෙ අවසානේ ඉඳං පටන්ගැන්මට…”





මේක අපූරු සලරුවක් ගැන, මේක බාපු දවසේ ඉඳන් මං කීප වතාවක් නැවත නැවත බැලුවා දුක හිතුන වෙලාවට, තරහ අවම,කම්මැලි උනාම,කෑම කන වෙලාවට මොකක් උනත් අවසානයේ මගේ හිතට සතුටක් දෙන්න පුළුවන් උන ෆිලුමක්. 
ගෙදරට එක පාරටම කඩා පාත් වෙන කෝකියෙක් සහ පුංචි කෙල්ලෙක්ගේ සහ මවකගේ ජීවිතය වටේ ගෙතුන සත්‍ය කතාවක්. අපිට අපේ ජීවිත ගැන නැවත හිතන්න මතක් කරන, අපි අපේ ජිවිත කොච්චර සංකීර්ණ කරගෙනද කියලා අපිට මතක් කරවන සලරුවක්.  මුල සිටම අබිරහස් ගතියක් හිතට දැනෙන අවසානයේදී මුල මද අග ඔක්කොම එකට ගැලපිලා තේරුම් යන ගතියක් තමා මේකේ තියෙන්නේ. 
අපිට හුරු පුරුදු නළු නිලියන් දෙතුන් දෙනෙකුගේ ඉතාමත් විශිෂ්ට රංගනයන් බලාගන්නත් මේකෙදි පුළුවන්. වැඩි විස්තර ඕන නෑ  පුළුවන් අය බලලම comment එකක් දාන්න.
අවසාන වශයෙන් කිව්වොත් ෆයිට් නෑ, වෙඩි නෑ ලස්සන කතාවක් සහ විශ්ෂ්ට රංගනයක් තමා තියෙන්නේ, මේක IMDb 7.7ක ඉහළ අගයක් ගන්න සමත් වෙලත් තියනවා.

No comments:

Post a Comment