Wednesday 3 May 2017

ආයුබෝවන්!

"මිනිසුන් පිළිබඳ අධයනය කරන්නෙක් ඒ සඳහා යොදා ගත යුත්තේ පොත් නොකියවන මිනිසුන්ය.මක් නිසාද යත් පොත් කියවන්නන්ගේ චරිතය හා සිතුම් පැතුම් පොත් විසින් මනාව හැඩ ගස්සා ඇති බැවිනි"මෙය මාගේ අදහසක් නොවේ.කවුරු විසින් කියන ලද්දක්ද මා හට මතකයක් නැත.පාසැල් කාලයේ පොත් ගුල්ලෙකු වු මාගේ චරිතය ගොඩ නැගුනේ පොත් ඇසුරින්ම පමණක් නොවූ නමුත් පොත් මා වෙත කල බලපෑම සූලුපටු නැත. පොත් කියවීමෙහි රුසියෙකු වූ මාගේ පියාගේ ආභාෂය  මෙන්ම කුඩා කල අතට හසු වූ හැම දෙයක්ම කියවීමෙන් ලද සතුටත් මා තාමත් කියවීමට ඇඳ බැඳ තබා ගැනීමට හේතු විය.අවුරුදු දෙකකට පෙර මෙය ලිවීමට පටන් ගත් නමුත් කාර්‍ය බහුලත්වය නිසාම වැඩේ කල් ඇදිනි. ඔන්න අද ඉඳන් මං කියවන පොත් වල හොඳ රස තැන් උපුටා දක්වන අතර පොත ගැන මට හිතෙන ඒවත් ටික ටික  කොටනවා.  

ප.ලි : මේ ඔක්කොම කොටලා අන්තිමටම මට හිතුනේ මේවා කියවන එවුන් තම ඉන්නවද කියලා!

No comments:

Post a Comment