Wednesday 3 May 2017

"නැවියන්ගේ කතා"(කතෘ : විජිතානන්ද යද්දෙහිගේ.)




මේ දවස් වල කියවන්නේ රණ මග ඔස්සේ නන්දිකඩාල් තම ඉවර නෑ. කියවලා ඉවර පොත තමා "නැවියන්ගේ කතා" කතෘ තමා විජිතානන්ද යද්දෙහිගේ.  ලොවෙන් එකෙක් එක දෙකට වෙයි සමත කිව්වට නාවික ඉංජිනේරුවෙක් වන විජිතානන්ද යද්දෙහිගේ අපූරු පොතක් ලියන්නත් සමත් වෙලා තියනවා. මේ පොතත් ඔබගේ පුද්ගලික පොත් එකතුවට එකතු කර ගැනීමට වටිනා පොතක්.
අපිට මගතොට වැඩකරන තැන හමුවෙන වවිවිධාකාර  මිනිස්සු සහ අත්දැකීම් මේ මනුස්සයාට මුහුදේදීත් හම්බ වෙලා!

මේ ඒ පොතේ තියන පලවෙනි කතාවේ අන්තිම ටික,
ජර්මානු දාර්ශනිකයෙක් තමන්ගේ හිතට වධ දෙන ප්‍රශ්න ගැන කල්පනා කරමින් වීදියක් දිගේ ඇවිදින විට ලස්සන මල් පිපුණු කොරටුවක් දුටුවා.මෙයා මේ මල් වලට බොහොම ලං වෙලා ඒවා පරික්ෂා කරන්නට පටන් ගත්තා. මේ අමුත්තාගේ අමුතු හැසිරීම ගැන සැක සංකා පහල කරගත්තු අසල් වැසියෙක් පොලිසියට ටෙලිෆෝන් කළා. විනාඩි කිහිපෙකින් නිලධාරියෙක් අවා.
"ඔහේ කවුද?"
පොලිස් නිලධාරියා දිහා මිනිත්තුවක් විතර උඩ ඉඳන් පහළට බලබලා ඉඳලා දාර්ශනිකයා මෙහෙම උත්තර දුන්නා.
"ඒ ප්‍රශ්නයට උත්තරේ හොයාගන්ඩ ඔබ මට උදව් වෙනවානම්, මම ඔබට සදා ස්තුති වන්ත වෙනවා."

ඇත්තටම අපි කවුද අප්පා?

නැවියන්ගේ කතා.
කතෘ : විජිතානන්ද යද්දෙහිගේ
ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
මිල : රු. 280.00


මගේ රේටින්: 🌻🌻🌻🌻🌼🌼🌼(මල් හතෙන් මල් හතරයි)


[[ Nawiyange Katha/Wijithanannda Yaddehige/Wijesooriya ]]

No comments:

Post a Comment